Wisdom Poet Arrived

‘රතු ඇපල් මල් පිපෙන 33 කාම­රය’
ප්‍රඥාමාර්ගික බුද්ධිවාදී කාව්‍ය සම්ප්‍රදායක නෑඹුල් ඵල



කවියකුගේ පහළ වීම අති දුලභය. නමුත් අද ‘කවීන්’ පණුවන්ගේ ගණනට අති සුලභය.

කවියකුගේ පහළවීම මුනිවරයකුගේ පහළවීම වැන්නකි.

මෙම කවි තුළ අපට මුනිවරයකුත්, සමාජ විශ්ලේශකයකුත්, අරාජිකවාදී විරෝධාකාල්පනිකයකුත් හමුවේ. එසේම මේ කවි තුළ ඉන්ද්‍රජාලිකයකු, මහා ප්‍රහේළිකාවක් අපට ඉදිරිපත් කරන ස්ෆින්ක්ස රුවක් සැඟවී සිටී. ඒ ලාංකීය සමාජයේ කුහක සුචරිතවාදී බලකොටුව ආක්‍රමණය කරන ට්‍රෝජන් අසකු වන්ය.

ආනන්දයෙන් ප්‍රඥාවට, කලාත්මක සංයමය, ඒකීයත්වය වැනි විශ්ව විද්‍යාල පාෂාණ්ඩ ආධානග්‍රහයන්ට එරෙහිව යන ප්‍රඥාමාර්ගික බුද්ධිවාදී කාව්‍ය සම්ප්‍රදායක සිංහල කවිය තුළ අතේ ඇඟිලි ගණනටත් අඩු කවීන් අතරට සිය පළමු කෘතියෙන්ම ඔහු එක් වේ. 

ලෝරා මල්විට අනුව ආශාව විසංයෝජනය කිරීම විප්ලවීය කාර්යයකි. නමුදු ආශාව විසංයෝජනය කිරීමෙන් පසුව ඉතිරිවන උන්මාදනීය, පරමානන්දනීය ප්‍රේමයක් මේ කවි තුළ ගැබ්වේ. එය ඒක භාර්්‍යා විෂම ලිංගික පවුලත්, පවත්නා ධනේශ්වර හෝන්දු මාන්දු කාර්යාල ජීවන ක්‍රමයටත් එරෙහිව යයි.

ඔහුගේ කාව්‍ය උපක්‍රම, සංකල්ප රූප, චිත්තරූපවාදී කාව්‍ය ආඛ්‍යානය, ප්‍රතිමුඛකරණ කාව්‍ය සංඝටනා තුළ අපට ලෝක සාහිත්‍යය තුළ තුන් කල් සැරූ කාව්‍යමය දඩයක්කාරයෙක් හමුවේ.

අද වන විට පණුවන් ගණනට බිහිව සිටින ‘කවියන්’ අතරට කවියකු පහළ වී ඇත.

කේ. කේ. සමන් කුමාර



Comments