Sacred Prostitute or Geisha


-නොමියෙමි තුළ එන රමණී වෛශ්‍යාවක වීමේ ආර්ථික සාමාජීය මූලයන් වෙතුදු ඇය තුලින් නියෝජනය වනුයේ කලාකාමී ගේෂාවකි. රමණී පදපෙරලූ කල මරණීය. කථකයා හෙවත් කවියා අමරේය. මරණයත් අමරණීයත්වයත් අතර සුසංයෝගයයි. එය ඛයියාම් සමග අපූරුවට සමපාතවේ. 


-දවසින් දවසට 
සර්ගයෙන් සර්ගයට
මහා පෙම් කව ලියා නිම කොට
පිළි ගන්වනු පිණිස
එය ඇයට
කුටියේ දොරගුලු හැර
පිටත ආමි.

ඈ පැන ගොස් තිබුණා
ඒ වන විට
මගෙ ධනවත් මිතුරකු හා

-නොමියෙමි

එහිදී කියන කවිය ලෙස සඳහන් වන‘ පාලු අඳුරු නිල් අහස මමයි’ කවියම ‘පාලු අඳුරු නිල් අහස ඔබයි’ යනුවෙන් 1963දී පළ වූ ‘හෙට ඉරක් පායයි’ තුළ ඇතුළත්ව ඇත. නොමියෙමි’ එලි දකිනුයේ 1973දීය. එම කව ජනප්‍රිය ගීයකට නැගී ඇත. රමණී මාරස්සනගේ වියෝගය ගැන ලියවී ඇත්තේ මෙසේයි.

‘හද පැලෙන ශෝකයෙන් මම ලීමි
‘ප්‍රියංගිකා, මගෙ ප්‍රියංගිකා
ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා
යන්න ගියා ඈ යන්න ගියා
දෑසට නොපෙනී යන්න ගියා’

දුටු දුටු එකා එක්ක යන වෙසඟන
කීමට මට සිත් විය.
එහෙත් කියවුණේ අනෙකකි.

‘බැස යන හිරුගේ එළිය ඔබයි
නැග එන සඳුගේ අඳුර ඔබයි
අහස පොළොව මහ මුහුද ඔබයි
නිමා නොමැති විශ්වයද ඔබයි

-නොමියෙමි



-නොමියෙමි තුළ ගේෂාවක වන් කලාකාමී වෙසඟනක් පවුල් ජීවිතයට ප්‍රතිපක්ෂව අධිනිශ්චය කෙරේ.

‘පාශයක් ඇත සිහින ඇස්වල
නුරා උතුරයි රත් දෙතොල් තුළ
සසල විය මොහොතකට මා හද
කියනු මැන ඔබ කවුරුදැයි ළඳ

ඈ කීවා
සිනා සිසී
‘මම ගැහැනී
නම රමණී’

ඒ රමණී යනු කවියා අබියස පහළවූ සරස්වතියයි. ඒ රමණී යනු මරණී වෙයි. ජීවිතයේ ප්‍රතිබ්ම්බය ලෙස කවියා සිතනුයේ ඇයයි. ඇය වෙසඟනකි.

‘මේ මල් පරවී යතේ
අප කුණු කය එලෙස වේ.
පරවී යන්නට පළමුව
මේ කුණු කය
සතුටට උල්පතක් කළොත්
වැඩි දෙනෙකුට
මං හිතන්නෙ ඒකයි හරි

-නොමියෙමි


-අපේ කයින් අප ලබන මේ සතුට
ගෙවී යාවි තව ටික දිනකින් සොඳුර
ඉන් පසු ඔබේ හදවත මට විවිර කර
පෙන්වන් නියම ආදරයේ මුහුනුවර

රතට රත
ගතට ගත
සසඟ වත
අප දෙදෙන එක මමෙකි
අතු දෙකක් එක්ව සැදි.
එක ගඟක එක දියකි.
අඩක් උමයඟන ගත් සිරුරින්

38- මක්නිසාද යත්





බටහිර දර්ශණයට ආගන්තුක මේ ඉන්දියානු උපනිෂද් සහ තන්ත්‍රයානය තුළින් සංකල්ප ගතවූ මානවීය ඍංගාරය සයිමන් නවගත්තේගමට පෙර අප සාහිත්‍යය තුළ ස්පර්ශ කෙරුණේ සේකර අතිනි. මෙහි අර්ධ නාරීශ්වර සංකල්පය පසුබිම් වේ.

-හෙට ඉරක් පායයි ඔහුගේ නූතනවාදී මධුසම චාරිකාව විය. මක්නිසාද යත් වන විට ඔහු බටහිර නූතනවාදයේ කෙළ පැමිණි සේම ප්‍රාචීනදිග දර්ශනයේ ක්ෂේමභූමිය වන මහායානයේද ස්ථිර ලෙස දෙපා තබා සිටී.

රතට රත
ගතට ගත
සසඟ වත
අප දෙදෙන එක මමෙකි
අතු දෙකක් එක්ව සැදි.
එක ගඟක එක දියකි.
අඩක් උමයඟන ගත් සිරුරින්


38- මක්නිසාද යත්

මහායානයද ඉක්මවා ගිය තාන්ත්‍රික ලිංගික සංකල්පවේදයක් මෙහි මෙසේ දකිත හැකිය.  කෙසේ හෝ අනිත්‍යතාව පිළිබඳ අපෝහකාත්මක මෙන්ම විසංයෝජනාත්මක දැක්මෙන්ම  ආදරය සහ රාගය දෙස ඔහු දකී.

-සේකරගේ රමණී කලාකාමී ගේෂාවක විය. සරස්වතිය විය. එහෙත් ස්ත්‍රියගේ වන විශ්වාසය තබත නොහෙන බවක්ද ඔහු දුටුවේය.

‘දවසින් දවසට 
සර්ගයෙන් සර්ගයට
මහා පෙම් කව ලියා නිම කොට
පිළි ගන්වනු පිණිස
එය ඇයට
කුටියේ දොරගුලු හැර
පිටත ආමි.

ඈ පැන ගොස් තිබුණා
ඒ වන විට
මගෙ ධනවත් මිතුරකු හා

හිතවත් අමරේට ලියමි
තරහ වෙන්ඩ එපා මාත් එක්ක
මම යනවා හිනා වෙන්ඩ.
දරු පවුලක් අනාත කෙරුවාය කියල
රටේ ලෝකෙ මිනිසුසු මට fදාස් කියාවි.
ඒ හින්දා මම යනවා.
 මම යනවා සරත් එක්ක.
මම දන්නව..... ඔයාට දුක හිතේවි
මා ගියාම.
ඒ වගේම.... පහු නෙක කොට
ඒ දුක ෂතුටට හැරේවි.
දුක ඇතුළේ තියන සතුට
දුක් විඳලම ඉගෙන ගන්ඩ.
එත කොට දුක් විඳ විඳ 
හිනා වෙන්ඩ පුළුවන් වෙයි.
එතකොට තව තව හොඳ
කවි ලියන්ඩ පුළුවන් වෙයි.

‘හද පැලෙන ශෝකයෙන් මම ලීමි
‘ප්‍රියංගිකා, මගෙ ප්‍රියංගිකා
ලස්සන ඇස් ඇති ප්‍රියංගිකා
යන්න ගියා ඈ යන්න ගියා
දෑසට නොපෙනී යන්න ගියා’

දුටු දුටු එකා එක්ක යන වෙසඟන
කීමට මට සිත් විය.
එහෙත් කියවුණේ අනෙකකි.

‘බැස යන හිරුගේ එළිය ඔබයි
නැග එන සඳුගේ අඳුර ඔබයි
අහස පොළොව මහ මුහුද ඔබයි
නිමා නොමැති විශ්වයද ඔබයි

මගේ මිතුරෝ
නෑදෑයෝ
මා අත හැර මඟ හැරියහ.
කැට කැබලිති වචන වලින්
දුටු දුටු තැන පහර දුන්හ.
කොයි තරං හොඳට හිටි මිනිහෙක්ද
ගෑනියෙකුට වහ වැටිලා
රස්සාවත් නැති කරගෙන
ලජ්ජාවක් බයක් නැතුව
මුඩුකුකු ගානේ රිංගුවෙ?
කිසි දවසක මූ හිතුවද
දරු පුවුලක් ඉන්නව මට
උන් අනාත වේවි කියල?

ඉගෙන ගත්ත මිනිස්සු ඔය
ෂික් විතරක්ෟ
උදේ ඉඳන් රෑ වෙනකල් දැන් බොනවලු.
දැන් ඔලුවත් හොඳ නැහැල්ලු.
අපි හිතුවා ඔය ටික.

නිවටයන්ට නිවට වීමි.
මෝඩයන්ට සර් කීමි.
නොකා නොබී ක්ලාන්ත වී
ඇද වැටුණෙමි.
අවු වැසි සුළං අතර 
අගු පිල්වල
දුෂ්කර ක්‍රියා කෙළෙමි.
උමතුව
සිහි විකල්ව
යා යුතු අතක් නෙකාදැන
හිස් ලූ ලූ අතෙහි ගියෙමි.
ප්‍රපාතයේ ගිරි මුදුනට
ඉබේම පැමිණෙන තුරු.

අන්තිමේදි මම සිතුවෙමි:
 ප්‍රපාතයෙන් පැන මිය යමි
(ඔබට බැඳි ප්‍රේමයෙන්)




108, 109, 110 - නොමියෙමි

කෙසේ වුව ඈට බැඳි ප්‍රේමයෙන් ඔහුට ප්‍රපාතයෙන් පැන මියෙන්නට වන්නේ නැත. රමණීගේ අවතාරයක් ලෙස මරණී ඔහුට මුණ ගැසේ. ඒ දර්ශනය ඔහු කැටි කරන්නේ මෙසේය.

 
මම අමරෙට එන්ඩ කිව්වෙ.... 
රහසක් තියෙනව කියන්ඩ.
මතකද දවසක්දා මම කිව්වා....
ඈත ඈත.... ඈත ඇහෙන ගීයක් ගැන
ඒ ගී හඬ දැන් ඇහෙනව
පැහැදිලි ලෙස
මා ඇතුළත, මා වටේට.... සෑම තැනම
ඉස්සර ඇහුණා විතරයි....
ඒ ගීයේ රිත්මය
සෑම තැනම
දැන් පෙනෙනව.


120- නොමියෙමි


සේකරගේ නොදුටු පැත්ත
කේ.කේ. සමන් කුමාර



Comments