Feminine power & sri lankan dance

ලාංකේය නර්තනය තුළ ස්ත්‍රී අනුහාසාත්මකභාවයේ ස්වරැපය.



නර්තනය බිහිවන්නෙ මානවයා තමා සමගත් ,ඔවුනොවුන් සමගත්,ස්වභාවදර්මය සමගත් සහ තමාට වටහා ගත නොහැකි අනෙකුත් භෞතික හාභෞතික නොවන ප්‍රපංචයන් සමගත් සංජානනය සහ සන්නිවේදනය කිරීම සදහා සිදු කළ චලනමය ප්‍රයත්නයෙහි දිගුවක් ලෙසය.නර්තනයෙ මුල් ස්වරැපය අභ්චාරාත්මක චලන සමුදායක් ලෙස අර්ත කථනයකළ හැකිය.ප්‍රාග් අභිචාරි ක්‍රියාවලියෙහි මුලික පදනම සකසන්නේ එයට අදාල ප්‍රාග් මානවීය සමාජක්‍රියාවලියයි.මෙම යුගය සහජාශයන් පදනම් කරගත් මවුමූල ක්‍රමවෙදයක් මත පදනම්ව තිබූ බවට ඓතිහාසික පුරාව්ද්‍යාත්මක සාක්ෂි සහිතය.මෙම මාතෘ මූල යුගය තුළ ස්ත්‍රිය ජනනය කරන්නිය වූ අතර ඇය වටා ලෝකයෙහි නිර්මාතෲ වරිය මෙන්ම අණසක පැවැත්වූ බලයද වුවාය.ප්‍රාග් මව් මූල සමාජය සහජාශමය අවධියකින්ද සංස්කෘතික අවධියකින්ද යුක්තවෙයි
ප්‍රාග් මවුමූල ක්‍රමය ස්ථපිත විමෙහි ලා ඉදිරිපත් කළ හැකි මුලික කරැණු කිහිපයකි.
# ගර්භාෂය සහ දරැවන් වැදීම- සංවාසය සහ දර්වන් ජනනයවිම පිළිබද සම්බන්දය අනාවර්ණය නොවු සමාජයක ජිවය ජනනය කිරීම , කිරෙන් පොෂණය කිරිම අනුහාසාත්මක ක්‍රියාවන් බවට නිතැතින්ම පත් වෙයි.
#රැධිරය සහ ඔසප් විම- පුරැෂ මූලික සමාජය තුළ ස්ත්‍රී රැධිරය කිල්ලක් බවට පත් කරමින් ඇය අවර ගනයට පත් කළද ප්‍රාග් යුගය තුළ රැධිරය දරාගැනීම ,වීරත්වය හා සම්බන්ද ගූඪ සංකේතයක් බවට පත්ව තිබෙන්නට ඇත. අද වන විටද රැධිරය විරත්වය, නිර්භිත බව සම්බන්දයෙන් අධිනිශ්චිත කේතයක් වී තිබීම එම සහජාශයන් සනාත කරවන්නකි.
#ස්ත්‍රිය පුර්ශයාගෙ මෝචන ද්වාරය බවට පත්වීම- පුරැෂයාගෙ ප්‍රාතමික සහජාශ අත්දැකිමට අනුව පුරැෂ බීජ මුදා හැරීමෙ සංතෘප්තිය පිළිබද උත්තුංග සාදකය් බවට ස්ත්‍රිය පත්විම ඇයට බලයක් ආරොපනය කිරිමට සමත් වෙයි.
#ස්වකියයන් පිළිබද උරැමය.-පිතෘත්වය පිළිබද සංකේත වටිනාකම නොමැති සමාජයක් තුළ දරැවන්ගෙ එකම අනන්‍යතා සළකුණ වන්නේ මවය. එබැවින් ඇය,වටා ස්වකියයන් එකරාශී විම සිදුවන අතර ඇය බලයක කේන්ද්‍රය බවට් පත් වෙයි.
මිනිසා සහජාශ අවධියෙන් සංස්කෘතික,අවධියට් පියවර තබනුයෙ මවු මුල සමාජයක් නිර්මාණය කරමිනි. ස්ත්‍රි ලිංගික ශක්තිය, ප්‍රජනන ශක්තිය ,දරා ගැනීම,සරැභාවය ආදී සාදක හරහා ඇය දේවත්වය කරා ඔසවා තබනු ලැබීන.පිතෘ හෙවත් පියා පිළිබද සංකේතිය වටිනාකම අවධාරණය නොකරනළද මෙම යුගයේ සත්‍රිය විස්මයජනක වු අතර එයින් ඇගෙ දිව්‍යමය ස්වරැපය වඩාත් තහවුරැ කෙරිණි.
ඉන්දු නිම්න ශුෂ්ටාචාරයෙන් හමුවූ ස්ත්‍රි දෙවගන රෑප(කුල්ලී,හරප්පා) පුර්ව මවු මුල සමාජයක සාදකයන්ය.එසෙම ග්‍රීක යුගයට පෙර ඊජියා සමුද්‍ර ද්‍රොණිය ආශ්‍රිතව පැවති ශිෂ්ටාචාරය මාතෘ මුලික වු අතර ජගත් මාතාව් එහි ප්‍රාධාන ඇදහිල්ල විය.විශ්වය බිහිකිරිම,පැවැත්ම,සෘතු විපර්‍යාසය සහ මරණය පිළිබද අධිකාරිය ඇයසතු විය.පසුකාලිනව ක්‍රිටයේ ඇය පුදනු ලැබුවේ "රේයා "යන නමිනි. පුරාණ මෙසපොතෙමියානු ශිෂ්ටාචාරයෙ මාතෘ දෙවගන ඉෂ්තාර් නම් වූවය.ඇය සශ්‍රිකත්වය මෙන්ම මාතෘත්වයටද අධිපති දෙවගන වුවාය.
ශිෂ්ටාචාර,වර්ධනය සමග ප්‍රාග් වෛදික යුගයෙදි ශක්ති(දුර්ගා),සහ වෙනත් දෙවගනන්, ඇතිනා,විනස්, හේරා,ආදී ග්‍රික දෙවගනන් ඉජිප්තු සහ අනෙකුත් ශිෂ්ටාචාර ආශ්‍රිත දෙවගනන් නිර්මාණය,වන්නෙ ප්‍රාග් මව් මූල සහජාශයන්ගෙ ප්‍රතඵලයක් ලෙසය.
අභිචාරය නිර්මාණය වන්නේ මෙම ප්‍රාතමික ඇදහිලි ක්‍රියාවලින්ට අනුගත වෙමිනි.අභිචාරය මිනිසුන් හා දෙවියන් අතර ද මිනිසුන් හා ස්වබාවධර්මය අතරද සන්නිවෙදන ක්‍රියාවලිය වු අතරමුලික මාධ්‍ය වනුයෙ ශරිර චලනයයි.බොහො නර්තන සංස්කෘතින්ගෙ අභිචාර ස්වරෑප නිරික්ෂණයේදි ස්ත්‍රිය පිළිබද අනුහාසාත්මකභාවය පදනම්ව ඇතිබව හදුනා ගත හැකිය.
ලාංකේය නර්තන සංස්කෘතිය නිර්මාණය වන්නේ අභිචාර මුලික පූජාර්ථමය නර්තන ක්‍රියාවලියක් හරහාය.ලාංකේය නර්තන සංස්කෘතිය තුළ මෙම පුර්ව සහජාශමය ස්ත්‍රී අනුහාසාත්මක භාවය ප්‍රකට කරන අවස්තා බහුලය. දෙශිය අභිචාරයන්හි මුලික පදනම සශ්‍රීකත්වය,නීරෝගිභාවය,ගර්භ සංරක්ෂණය හා දාරකොපත්තිය මත සකස්ව තිබෙ.එමෙන්ම යටත් විජිතකරණයට පෙර පැවති ලිංගික සංස්කෘතිය හා සමාජ සම්බ්න්දතා, විවිධ විශමතා සහිත විවාහ සම්බන්දතා (බින්න,බහුපුරැශ සහ වෙනත්) ආදිය මෙම ස්ත්‍ර්‍රි මූල අභිචාරයන්ට බලපාන්නට ඇත.
වැදි ජනතාවගේ පැරණි අභිචාරයක් වන "හැක්ම" එවන් පසුබිමක් සහිත චලනමට අභිචාරයකි.ප්‍රාතමික නර්තන චලන භාවිතය ප්‍රකට කරන මේ තුළ විෂේශ භූමිකාවක් ස්ත්‍රී දේවත්වයට සහ සහ යක්ෂණියන් ට වෙන් කොට තිබේ. හැක්ම සශ්‍රිකත්වය සහ නිරොගිභාවය පදනම් වූ යාතු කර්මයකි. කිරිකොරහ නැටිම ,කිරිකොරහ යාදින්න,දිවැස් කිරිඅම්මලා ඇත්න්ගේ යාදින්න,කිරිවන් නාච්චියල්ගේ රටා යකින්න යාදුන්න,පෙට්ටිවල යක්ශණියලාගෙ යාදින්න,හම්බා කුමාරිලාගෙ යාදින්න.........ආදී ස්ත්‍රී භූමිකා මුලික කොටගත් අභිචාර අංග බොහො ප්‍රමාණයක් හරහා මාතූ මූල ස්ත්‍රී අනුහාසාත්මක ඇදහිමක් මෙතුළින් ගම්‍යමාන වෙයි.
දෙශිය නාට්‍යමය අභිචාර හා එමගින් පිළිබිඹු වන ස්ත්‍රී අනුහාසය පිළිබද අධ්‍යනයේදී අත් හළ නොහැකී අවස්තාවක් ලෙස සොකරී ගැමි නාටකය හැදින්විය හැකිය.වඩාත් ග්‍රාම්‍ය ලකෂණ ප්‍රකට කරන සොකරිය වන්නි ප්‍රදේශ, නුවර කලාවිය, බ්දුල්ල,මාතලේ ආදි ප්‍රදෙශ වලට ආවේණික ජනකලා අංගයකි.සශ්‍රීකත්වය උදෙසාත්,දාරකොත්පත්තිය හා සබැදිව ත් පිදුම් ලබන පත්තිනි දෙවගන සොකරියෙ මූලික ඇදහිල්ල ලෙස හැදින්විය හැකිය.සොකරි පුවත සැකවින් මෙසේය. මහලු මිනිසෙකු හා විවාහවන,සොකරිය දරැවන් නොලැබීම නිසා තම සැමියා ඇතුළු පිරිස කැටිව ලක්දිවට පැමිනෙයි.විවිධ සිද්දීන් සමග ගලායන කතාපුවත අවසානයේදි සොකරිය වෙදරාළ නැමති අන්‍ය පුරැශයෙකු සමග,සහවාසයෙ යෙදිමෙන් දරැවෙකු ලබන අතර නැවත සැමියා සමග වාසයට පැමිණෙයි.ඇගෙ දරැ උපත ,සශ්‍රීකත්වයෙ සංකේතය ලෙස අර්ථ ගැන්වෙන අතර පත්තිනි දෙවියට කන්නලව් කිරිමෙන් ආශිර්වාදය සහ ආරක්ශාව පතා ගැමි නාටකය අවසන් වෙයි. මෙහිදි හදුනාගත් හැකි සුවිශේෂි ලක්ෂණය නම් සරැ බව පිළිබද ස්ත්‍රී නිරැපණයයි.ස්ත්‍රිලිංගික හා ප්‍රජනන ශක්තිය පොළවෙ සාරවත් බවට සමාන කිරිමත් සමාජිය සෞභාග්‍ය එ හරහා සංකෙතවත් කිරිමත් මෙහි අරමුණ වි තිබේ.ස්ත්‍රි අනුහාසය ප්‍රකට කරන මෙම අභිචාරය තුළ කිසිදු අවස්තාවක සංකේතිය පීතෘත්වය පිළිබද ප්‍රශන කිරිමක් හො එම සංකේතිය වටිනාකම සැළකිම හො සිදු නොවිම විෂේශය.දරැවා පුළිබද අනන්‍යතාවය නෛසර්ගිකවම මවට හිමි වීමද මෙහිදි දක්නට ලැබේ. .ලිංගිකාර්ථ,සහිත දෙබස් ,අභිනයන් සහ ඉංගිත දැකියහැකි මෙ තුළ යුගලන පවුල් සම්බන්දයට එහා ගිය වඩා නිදහස් ලිංගික සංස්කෘතිය් පිළිබද සාකච්චාවක් දැකිය හැකි අතර සදාචාරය හා ස්ත්‍රිය සම්බන්ද අද්‍යතන දෘශ්ටිවාදය අතික්‍රමණය කිරිමද හදුනාගත හැකිය.ඇගෙ දරැවා සශ්‍රිකත්වය සංකේත වන අතර පියා පිළිබද පුරැෂමූල දෘශ්ටියෙන් සහමුලින් දුරස්ත සමාජ කියවිමක් මෙ හරහා ප්‍රකට කරයි.
පහතරට සම්ප්‍රධායට අයත් ශාන්තිකර්මයක්වන,දග,අට සන්නිය හෙවත් සන්නි යකුම ඉතා විවෘත ලිංගික කතිකාවක් සහිත මනො චිකිත්සක යාතු කර්මයකි,මාතෘමුල සමාජ ක්‍රමයක,සහජාශයෙන් ගොඩ නැගෙන විවිධ අවස්තා මෙහි දි නිරික්ෂණය කළ හැක.ඉන් ප්‍රධාන අංගයක් ලෙස සූනියම් යක්ෂණියගෙ තුන්වැදෑරැම් සබා සම්ප්‍රාප්තිය හැදිවිය හැක. තරැණ කාන්තාවකගෙ ස්වරෑපය,ගර්භණී කාන්තා ස්වරෑපය සහ බිළිදෙකු නළවන මවකගේ ස්වරෑපය යනුවෙන් එ ත්‍රිත්වය හැදින්විය හැක.ඉන්දු නිම්නයෙ හරප්පාව ආශ්‍රිතව හමු වූ ජගත් මාතා පිළිරෑ ද ඉහත අයුරින් තුන් ආකාරයකින් නිරැපිතය, එනම් තරැණ කාන්තා රැප, ගර්භණී කාන්තාරැප සහ දරැවෙකු අතින් ගත් කාන්තා රෑප් යන තෙආකාරයෙනි.මෙහි සංකල්පය නම් කන්‍ය ස්ත්‍රිය(යෞවනිය), මාතෘත්වය සහ සශ්‍රිකත්වයයි. සූණියම් යක්ෂණියගෙ ඉහත කී නිරැපනයද මවු මුල සංස්කෘතියක සහජාශ ක්‍රියාවලියක් ලෙස හදුන්වාදිමට පිලිවන. මෙහි දෙබස් කොටස් නිරික්ශනය හරහා යම් සාමාජිය කියවිමකට එලැඹිය හැකිය.
යක්ෂණි- (දරැවා නලවමින්) පීකොක්, ත්‍රීරොසස්,නන්දපාල, පොඩි අප්පුහාමි,පියසේන....(නම් රාශියක් කියයි)
යකැදුරා - එක,දරැවෙක් වඩාගෙන නම් කීයක් කියවද්?
යක්ෂණිය- ජන්දෙට...ජන්දෙට කරන්න ගිහින් තමා මට මෙ වැරදුනේ.
යකැදුරා- කවුරැ,කවුරැද දැං තාත්තල.....
යක්ෂණිය-කම්මලේ බාස් එක්කෙනෙක් ,එයා ඇවිල්ල පියසේන කියනව,හන්දියෙ රාළහාමි,පොළිසියෙ මහත්තයා,අල්ලපු කඩේ මුදලාලි එගොල්ලො එක එක පාරට ඇවිත් එක එක නම් කියනව.....
යනාදී සංවාදයෙන් අනතුරැව ආතුරයාට ආවඩා සෙත් පතා යක්ෂනිය සභාවෙන් පිටවෙයි. මෙහිදිද පීතෘ අනන්‍යතාවය නොසලකා හැරෙන අතර ස්ත්‍රි ප්‍රජනන ශක්තිය මුලික කොටගනිමින් සශ්‍රිකත්වය සහ ආශිර්වාදය ප්‍රාර්තනා කරයි.එසෙම පීතෘ මූල සමාජය තුළ ස්තාපිත යුගලන පවුල හා සම්බන්ද සදාචාරය පිළිබද මෙහිදි සැළකිලි මත් නොවිම සුවිශෙෂිය. දෙශිය ශාන්තිකර්ම නිරික්ශනය කරන විට ඉතා නිදහස් ලිංගික සබදතා, නිදහස් ස්ත්‍රි පුරැශ සම්බන්දතා පිළිබද විවෘත නිරැපන බොහොමයක් හදුනාගත හැකි අතර පවුල හා, ස්ත්‍රි පුරැශ සමාජභාවය සම්බන්ද අද්‍යතන දෘශ්ටිවාදයන්ට එහා ගිය බෙහෙවින් නිදහස් පසුබිම්ක්, එවා තුළ නිරීක්ශනය කළ හැක්.එමෙන්ම ලිංගිකත්වය සහ,ස්ත්‍රිය අද්‍යතනයෙ මෙන් ගුඪ බාවයට පත් කිරිම අතීත ගැමිසමාජය තුළ සිදු නොවිම මෙයට හෙතුවක් ලෙස සදහන් කළ හැක.
පහතරට දෙවොල්මඩු ශාන්තර්මය,සබරගමු පහන්මඩු ශාන්තිකර්මය පතතිනි දෙවියන් ප්‍රමුඛ කොට පවත්වන අතර, උඩරට සම්ප්‍රධායයට අයත් කොහොඹායක් කංකාරිය කුවේණියගේ ශාප නවයක් නිසා ඇතිවන දොස් දුරැකොට ශාන්තිය හා සෞභාග්‍ය ලබාගැනිම වෙනුවෙන් සිදු කරයි.පහතරට රිද්දි යාගය හෙවත් රට යකුම ගර්භ සංරක්ෂණ සහ දාරකොපත්තිය සම්බන්දව රිද්දි බිසව් සත්දෙනා ප්‍රධාන කොට පවත්වන තවත් යාතු කර්මයකි. එ හැරැනු විට ගැමි සමාජය පදනම් කොටගත් රත්නවල්ලි දෙවගන ඇදහුම සම්බන්ද නර්තන සංස්කෘතියද,එ මෙන්ම දෙවගනන් හා යක්ෂණිය පිදීම සහ ඇදහිමේ පූර්වජ මාතු මූල ලක්ශණ පදනම් කරගත් දෙශිය නර්තනය ද පුලුල් ලෙස සාකච්චාවට බදුන් කළ හැකි වපසරියකින් යුතු වෙයි.
අධිපති පුරැෂ මූල ක්‍රමවෙදය තුළත් පුරැෂ මුලීක භාශාව සහ දැනුම් නිශ්පාදනයන් අතරත් ස්ත්‍රි ප්‍රජනන ශක්‍තිය හා ස්ත්‍රි අනුහාසාත්මකබවය හා බැදි මවුමූල ක්‍රියාවලිය ලොකයෙ බොහො සංසකෘතීන් තුළ ශේෂව පවතින බව තව දුරටත් අවධාරණය කළ හැකිය.
- පියුමි වාසනා -

Comments